උපදෙස් පිටුව වරිපනම් ගෙවීම

  • මෙම ලියාපදිංචි වීම අන්තර්ජාලය හරහා වරිපනම් ගෙවීම සදහා පමණක් වලංගු වේ.

  • සෑම වර්ෂයකම ජනවාරි 31, අප්‍රේල් 30, ජුලි 31, ඔක්තෝම්බර් 31 යන දිනවල කාර්තුවකට පමණක් ගෙවීම් කිරීමේදී ඔබට හිමිවන 5% වට්ටම ලබා ගැනීම සදහා එම දිනවල ප.ව 03.00ට පෙර ගෙවීම් කල යුතුය.

  • නියමිත වර්ෂයට අදාල වරිපනම් මුදල ජනවාරි 31 දිනට පෙර සම්පුර්ණයෙන්ම ගෙවීමේ දී 10% වට්ටමක් හිමි වේ.

  • අදාල වට්ටම් ලබා ගැනීම සදහා ගෙවිය යුතු මුදල් තීරුවේ පෙන්වන සම්පුර්ණ මුදලම ගෙවිය යුතුය.(ශත ගණන ද ඇතුළුව )

  • මෙම ගෙවීම සම්පුර්ණ කිරීමට බැංකුව හා සම්බන්ධ වීමට අවශ්‍ය වේ.

  • එහිදී ඔබගේ බැංකුව විසින් ලබා දී ඇති කාඩ්පත මගින් (Credit/Debit) ඔබට මේ සදහා ගෙවීම සිදු කල හැකිය.

  • කාඩ්පත් විස්තර ඇතුලත් කිරිම
    • මුලින්ම ඔබගේ කාඩ්පත් වර්ගය තෝරා අංක 16 කින් යුතු කාඩ්පත් අංකය ඊටඇතුලත් කල යුතුය.
    • ඉන්පසු පිලිවෙලින් කල් ඉකුත් වීමේ දිනය, නම හා කාඩ්පත පිටුපස ඇති අංක 3 කින් යුතු රහස්‍ය අංකය ඊට ඇතුලත් කර ගෙවීම සම්පුර්ණ කල යුතුය.

  • ඉන්පසු ඔබගේ දුරකථනයට ලැබෙන තහවුරු කිරීමේ කේතය ඇතුලත් කර ගෙවීම තහවුරු කල යුතුය.

  • ඔබ විසින් ගෙවීම් සිදුකිරීමේ දී නිවැරදි වරිපනම් අංකය තෝරා ගැනීම ඔබගේ වගකීම වන අතර වෙනත් අංකයකට ගෙවීම් කර ඇත්නම් එහි වගකීම බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සතු නොවන බව සැලකිය යුතුය.

  • සෑම දිනකම ඔබ විසින් ගෙවනු ලබන මුදල් අදාල ගිණුමට බැර කරනු ලබන්නේ පසු දිනයේ දී ය.

ඉහත තොරතුරු සහ අදාළ උපදෙස් කියවා බැලුවෙමි.