දිරන අපද්‍රව්‍ය
බල ප්‍රදේශය තුල එකතු වන මිශ්‍ර දිරන කසළ වලින් දෛනිකව ටොන් 7 ක ප්‍රමාණයක් බාහිර පාර්ශවයක් වෙත යොමු කිරීම.
නොදිරන අපද්‍රව්‍ය
ප්‍රදේශයේ ඒකරාශී වන නොදිරන කසල, සම්පත් කේන්ද්‍රය වෙත ලබා ගෙන නිසි පරිදි නොදිරන කසල වෙන් කර ගැනීම.

ප්‍රතිචක්‍රීකරණයකළහැකි කසළ එකතු කිරීමේ කාලසටහන
ප්‍රාදේශීය සීමාවසතියේ දිනය
බණ්ඩාරගම නගර සීමාවසඳුදා
කළුතර පාර සහ අටුළුගම පාරඅඟහරුවාදා
පානදුර පාර සහ අරුක්ගොඩ පාරබදාදා
කැස්බෑව පාර – කහටවෙල දක්වාබ්‍රහස්පතින්දා
හොරණ පාර – මිල්ලගස් හන්දිය දක්වාසිකුරාදා

මිල්ලනිය ප්‍රාදේශීය සභාව වෙත 2023.05.22 වන දින සිට දිරන කසල ටොන් 03 ක ප්‍රමාණයක් සතියේ දින 05 තුළ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ටොන් 01 ක් සඳහා රු.2000.00 ක මුදලක් මිල්ලනිය ප්‍රාදේශීය සභාව වෙත ගෙවීමට ගිවිසුම් ගත වී ඇත.

  • කසල ජනනය වන ස්ථානයේදීම දිරන හා නොදිරනවශයෙන් අපද්‍රව්‍ය වෙන් කර  ලබා ගැනීම සදහා “මිතුරු සැරිය”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම .
  • තම ගෙවත්තේදීම කොම්පෝස්ට් පොහොර නිපදවාගෙන ගෙවතු වගා කිරීම සඳහා ප්‍රදේශයේ නේවාසිකප්‍රජාව වෙත කොම්පෝස්ට් බඳුන් 100 ක් බෙදා දීම හා ජීව කොටු ක්‍රමය මඟින් ගෘහස්ථව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා“සරු පොළවයි සුව දිවියයි”ව්‍යාපෘතිය ග්‍රාම නිලධාරි කොට්ඨාසමට්ටමින් ආරම්භ කිරීම
  • අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීමේවැඩසටහන් පැවැත්වීම.පෙර පාසල්, පාසල්, ස්වේච්ඡා සංවිධාන, ශබ්ද විකාශන යන්ත්‍ර, අත්පත්‍රිකා, ඩෙංගු මර්ධන කණ්ඩායම් මඟින් ප්‍රජාව දැනුවත් දැනුවත් කිරීම

කාලසටහනට අනුව නොදිරන කසළ වෙන් වෙන්ව එකලස් කිරීම“මිතුරු සැරිය”ව්‍යාපෘතිය

කසළ පොළ වැඩසටහන්

අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීමේවැඩසටහන්

  • මාසිකව ඒකරාශී වන ටොන් 154 ක පමණ වන ප්‍රතිචක්‍රීකරණය කල හැකි අපද්‍රව්‍ය  පහත පරිදි වෙන් කිරීම සිදු කරනු ලබයි.
    • කඩදාසිවීදුරු
    • ප්ලාස්ටික්     
    • යකඩ
    • පොල් කටු
    • ටින්
  • මෙම වෙන් කරන ලද අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා හරිත ගැණුම්කරුවන් වෙත අලෙවි කිරීම සිදු කරයි.
  • ප්‍රතිචක්‍රිකරණය කල නොහැකි ඝන අපද්‍රව්‍ය බේල් කර ඉන්සි ආයතනය වෙත භාර දෙනු ලබයි.

නැවත භාවිතයට ගත නොහැකි ඉවතලන පොලිතින් ටොන් 2.5 ක් පමණප්‍රමාණයක් මාසිකව සභාව සතු බේල් යන්ත්‍රය ආධාරයෙන් බේල් කර පරිසරයට  හානි නොවන ලෙස විනාශ කිරීම සඳහා ඉන්සි ආයතනය වෙත   භාර දෙනු ලබයි.