ටෙන්ඩර් ප්‍රතිඵල

ව්‍යාපෘති නාමය – බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අයත් මෛත්‍රී නගර ශාලාව අළුත්වැඩියා කිරීම.

ප්‍රතිපාදන මුදල – රු.12,000,000.00

ව්‍යාපෘති අංකය – S238183143001

  • බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අයත් මෛත්‍රී නගර ශාලාව අළුත්වැඩියා කිරීම සදහා මිල ගණන් කැඳවීමේ ප්‍රසම්පාදන දැන්වීම දිනමිණ, තිනකරන් සහ ඩේලි නිවුස් පුවත්පත්හි 2023/04/21 දින භාෂා තුනෙන්ම පළ විය.
  • මෛත්‍රී නගර ශාලාව අළුත්වැඩියා කිරීමට අදාලව ටෙන්ඩරයේ ලංසු අයදුම්පත් කැඳවීමට පෙර පවත්වන සාකච්ජාව (Pre bid meeting) 2023/05/12 දින පස්වරු 2.30 සිට පැවැත්වුණි.
  • බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අයත් මෛත්‍රි නගර ශාලාව අළුත්වැඩියා කිරීමට අදාලව ටෙන්ඩර්පත්‍ර විවෘත කිරීම 2023/05/16 දින පස්වරු 2.05 සිට බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණි.
  • 2023/05/16 දින කැඳවන ලද මිල ගණන් සදහා ආයතන 06 ක් විසින් මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර එම ආයතනයන් පහත පරිදි වේ.
    • R.D. බිල්ඩස් (පුද්.) සමාගම
    • G.A.P. හෝල්ඩින්ස්
    • ගාමිණී ඉංජිනියරින් වර්ක්ස්
    • සමරවීර කන්ස්ට්‍රක්ෂන්
    • R.C.J. කන්ස්ට්‍රක්ෂන්
    • D.W. කන්ස්ට්‍රක්ෂන්
  • G.A.P. හෝල්ඩින්ස් ආයතනය ප්‍රසම්පාදන කොන්දේසි සියල්ල සම්පූර්ණ කර ඇති බැවින් 2023.06.07 දින බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ ඇගයීම් මණ්ඩලයේ නිර්දේශය අනුව ටෙන්ඩර් මණ්ඩලයේ අනුමැතිය ද සළකා බලා G.A.P. හෝල්ඩින්ස් ආයතනය වෙත මෙම ව්‍යාපෘතිය පවරා ඉටු කිරීමට ටෙන්ඩරය ප්‍රදානය කරන ලදී.

බී.ඩී.ඒ.කේ. ගයන්ති

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම් හා

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ බලතල කාර්යය

කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරි

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව