ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන ස්ථර තුනෙන් තෙවන ස්ථරය පළාත් පාලනය (Local Government) වන අතර එය ප්‍රාදේශීය පාලනය හා ස්ථානීය පාලනය යන විවිධ නම් වලින් හැදින්වේ. කෙසේ වුවද මෙම ස්ථරය මහා නගර සභා (Municipal Council), නගර සභා (Urban Council) සහා ප්‍රාදේශීය සභා (Divisional council or Pradeshiya Sabah) යනුවෙන් තව දුරටත් උප කොටස් තුනකින් සමන්විත වේ.

ජනතාව සමීපයේ ඇති කුඩාම ජනතා නියෝජිත ආයතනය ප්‍රාදේශීය සභාවයි. එය 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් සංස්ථාපිත නීත්‍යානුකූල ආයතනයකි. ප්‍රාදේශීය සභාවක මූලික කාර්යය වන්නේ සභාවලට අදාල විෂය සීමාව තුළ අදාල අනුනීති (By –  Low) සකස් කොට ගෙන සිය කාර්යය විනිවිදභාවයකින් හා වගකීමෙන් යුක්තව ක්‍රියාත්මක කිරීමයි.

ප්‍රාදේශීය සභා සංස්ථාපනය කිරීමට ප්‍රථම ප්‍රාදේශීය සංවර්ධනය සඳහා විවිධ යාන්ත්‍රණයන් පැවතිණ. රාජ්‍ය  පාලන සමයේ ගම් සභා ක්‍රමයක් පැවති බව මහා වංශයේත්, සෙල්ලිපි, ටැම් ලිපි හා ලෙන් ලිපිවලත් රොබට් නොක්ස්ගේ වාර්තාවලින් සාක්ෂි හමුවේ. පසුව ඉංග්‍රීසි පාලන සමයේ ඩොනමොර් හා සොල්බරි ප්‍රතිසංස්කරණ තුලත් ප්‍රාදේශීය සංවර්ධනය සදහාත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බවට සඳහන් වේ.1865 වසරේ අංක 17 දරණ මහ නගර සභා ආඥා පනත යටතේ කොළඹ නගර සභාව නිර්මාණය විය. ඒ  අනුව නිදහසට පෙර  සිව්  ආකාරයකට ප්‍රාදේශීය පාලනය සිදු විය. එනම් මහ නගර සභා, නගර සභා, සුළු නගර සභා සහ ගම්සභා ය. මෙම වර්ගීකරණය 1980 දක්වා පැවතුන අතර 1980 අංක 35 දරණ දිස්ත්‍රික් සභා පනත මඟින් දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කිරීමත් සමඟ එතෙක් පැවති 549 හා සුළු නගර සභා 83 අහෝසි කරන ලදී. එම  ආයතන සතු පළාත් පාලන බලතල දිස්ත්‍රික් සංවර්ධන සභාවලට පවරන ලදී.

1948 නිදහසෙන් පසු ප්‍රාදේශීය සංවර්ධනය සඳහා විවිධ වු ක්‍රම උපායන් ක්‍රියාත්මක වු අතර සැලසුම් සම්පාදන ක්‍රයාවලිය හා එය අර්ථ නිරුපනය අතර තිබූ සම්බන්ධතාවයන්ගේ දුර්වලතාවයන් නිසා මෙම සංවර්ධන සැලසුම් අසාර්ථක විය. සංවර්ධනයේ ප්‍රතිඵල අසමාන ලෙස බෙදීයාම හා රටේ සංවර්ධනය සඳහා ග්‍රාමීය මට්ටමේ සහාභාගිත්වයත් ලබා ගැනීමේ ක්‍රමයක් ලෙස ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල, දිසා දේශපාලන අධිකාරි ක්‍රමය සභා විමධ්‍යගත අයවැය වැඩසටහන් දිස්ත්‍රික් අමාත්‍ය ක්‍රමය, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක විය.

දැනට පවතින ප්‍රාදේශීය පාලන ක්‍රමය  1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මඟින් ඇතිකරන ලද ප්‍රාදේශීය සභා මඟින් සිදුකරනු ලබයි. ඒ අනුව වර්තමාන ශ්‍රී ලංකාව මහනගර සභා 24 ක්ද, නගර සභා 41ක්ද,  ප්‍රාදේශීය සභා 272 ක්ද යුක්තව පාලනය වේ.

1987 දරණ අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ත්‍රීරෝද රථ නවතා තැබීම හා ගාස්තු අයකිරිම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව

සංශෝධිත පනත්

1990 අංක 28 දරණ පළාත් සභා සංශෝධන පනත

2014 අංක 36 දරණ ප්‍රාදේශීය සභා සංශෝධන පනත

2017 අංක 22 දරණ ප්‍රාදේශීය සභා සංශෝධන පනත

2018 අංක 30 දරණ ප්‍රාදේශීය සභා සංශෝධන පනත

රයිගම්පුර ඉතිහාසය…

ඓතිහාසික රයිගම් කෝරළය යුග ගණනාවක් ඈත අතීතයට දිව යන ඉතිහාසයකට උරුමකම් කියන දේවානම්පියතිස්ස රජ සමය කරා එනම්,  ක්‍රි.පූ. 307 කාලය දක්වා ද  ක්‍රි.ව. 1334 දී ඉබන් බතූතා නම් මුස්ලිම් ජාතික සංචාරකයාගේ වාර්තාවලට අනුව කෝනකර් අලකේෂ්වර ඇමති යටතේ පැවති විසිතුරු නගරයක් බවත්  ඉතිහාසයේ සඳහන් වේ.

 රයිගම් කෝරළය යනු මෙරට හෙළ මහා සංස්කෘතියේ වර්ධනයට ඉමහත් දායකත්වයන් දැක්වූ අපූර්ව පරමාදර්ශී නායකත්වයක් ගොඩනැංවූ ජනතාවක් වෙසෙන පෙදෙසකි.  වත්මන් කළුතර  දිස්ත්‍රික්කයේ කළු නදියේ උතුර කලාපය රයිගම් කෝරළයේ මායිම ලෙසත් උතුරු දෙසින් හේවාගම් කෝරළයත්, නැගෙනහිර දෙසින් සබරගමුවත්, දකු‌ණෙන් කාල නදියටත්, බටහිරින් මහා සමුද්‍රයටත් මායිම් වෙයි. කළ රයිගම් කෝරලය පත් සයකින් සංවිධානය වූයේ මේ අයුරිනි, රයිගම් කුඔුකේ පත්තුව, රයිගම අදිකාරීපත්තුව, රයිගම තල්පිටිබද්ද පත්තුව, රයිගම මුංබාගේ පත්තුව හා රයිගම පානදුරතොටමුණ පත්තුවයි. එයින් බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට  අයත් වන්නේ තල්පිටිබද්ද පත්තුව හා අදිකාරීපත්තුවයි.

බණ්ඩාරගම යන නාමය ව්‍යවහාර වන්නේ රයිගම් බණ්ඩාරයන්ගේ හෝ ඊට පෙර රයිගම් රාජධානියෙන් පසු රජකුගේ භාණඩාගාරය පැවති ගම නිසාවෙන් යැයි අනුමාන කෙරෙයි. පුරාණයේ සිට වාරිකර්මාන්තයෙන් පෝෂණයලත් මෙම ප්‍රදේශය වැව් කිහිපයකින්ද ඓතිහාසික වෙහෙර විහාර හා සිද්ධස්ථාන රාශියකින්ද පුරාණ රජමාළිගයකට ද උරුමකම් කියයි. එපමණක් නොව මෙරට එක්සේසත් කල රජවරු, ඇමතිවරු, මහාමාත්‍යවරු, ශ්‍රේෂ්ඨ යතිවරුන් ද ලේකඛයන් ද වෙදැදුරන් දැයට දායාද කළ  බණ්ඩාරගම පුරවරය සොබා  ‌සෞන්දර්යයෙන් අනූන දියුණුවේ මංපෙත් වෙත දෑත දිගුකරන සෞභග්‍යමත් නගරයකි.

මූලාශ්‍රය – සැඟවුණු රයිගම් කෝරලයකේ. දර්ශන ප්‍රියන්ත පිරිස්

කළුතර දිසා තල්පිටිබද්ධ වංශකතාදර්ශන පීරිස්