හෙළ නර විරුවන් මහ යතිවරයන්

රටදැය රැකුමට පණ නළ දුන්

මහනෙත් පාමුල වංශකතාවේ

සාහිත රස මනරම්…..

රැකගත් අභීත උරුමය ශක්තිය

අපි වෙමු සිරිපැරකුම්

මහමෙත්පුර ප්‍රාදේශීය සභා

චිරං ජයතු ජය කීර්ති ප්‍රභා…..

කෙත්වතු සිපගෙන සිහිලැල් සුවය දිදී

හමනා මඳ නළ දාගැබ් වැව් ද සිඳී

බුදුගුණ ලෝවැඩ සදාතනික වූ රුව්පිළි රුව් ද දිදී

දනන් තුඩින් තුඩ සෙනෙහස දල්වා දසදෙස ගලා බසී

මහමෙත්පුර ප්‍රාදේශීය සභා

චිරං ජයතු ජය කීර්ති ප්‍රභා…..

නොතකා කුලමල සොහොයුරු පෙමින් බැඳී

සාමය සමගිය එකමුතුකමින් සැදී

සොඳුරු සිරිනි පැහැසර අභිමානද ගුණනැණ දනට දිදී

මිහිබට සුරපුර කැමු අපේගම යදමක් ලෙසින් බැඳී

මහමෙත්පුර ප්‍රාදේශීය සභා

චිරං ජයතු ජය කීර්ති ප්‍රභා…..

හෙළ නර විරුවන් මහ යතිවරයන්

රටදැය රැකුමට පණ නළ දුන්

මහනෙත් පාමුල වංශකතාවේ

සාහිත රස මනරම්…..

රැකගත් අභීත උරුමය ශක්තිය

අපි වෙමු සිරිපැරකුම්

මහමෙත්පුර ප්‍රාදේශීය සභා

චිරං ජයතු ජය කීර්ති ප්‍රභා…..

පද රචනය : තරංග සමරවික්‍රම

සංගීතය     : තරංග සමරවික්‍රම

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ගීතය – Mp3

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ගීතය