Skip to content

මහජන දිනය පැවැත්වීම

ප්‍රධාන කාර්යාලය -
සතියේ සෑම සඳුදා දිනකම පෙ.ව.9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා

තල්පිටිබද්ද උපකාර්යාලය -
සෑම බ්‍රහස්පතින්දා දිනකම පෙ.ව.9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා

සභාවේ සභික ධූර කාලය අවසන් කර ඇත

ලේකම්තුමියගේ පණිවිඩය

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගමු. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුළින් කාර්යක්ෂම හා සඵලදායී රාජ්‍ය සේවාවක් මහජනතාව වෙත සැලසීම අරමුණු කොටගෙන බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව විසින් මෙම වෙබ්අඩවිය ස්ථාපනය කරන ලදී. වර්තමානයේ ඩිජිටල්කරණය වූ තාක්ෂණික ලෝකය තුළ විශ්වයම ඇතැඹුලක් සේ දැකීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉඩ සලසයි. වර්තමානයේ රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය යන විෂයයන් ගෝලීය අධ්‍යාපනයේ නව ප්‍රවණතාවයි.

ඊට අනුරූපව යමින් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව විසින් නව පරිගණක මධ්‍යස්ථානයක්ද ජනතාවට දායාද කර ඇති බව සතුටින් දන්වා සිටිමි. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව විසින් මහජනතාවගේ කාලය, මුදල් හා ශ්‍රමය කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ගගත ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදීම හා යාවත්කාලීන තොරතුරු මහජනතාවට කඩිනමින් ලබාදීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මෙම වෙබ්අඩවිය දියත් කර ඇත. බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචි බදු ගෙවන ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව අවධානය යොමුකර ප්‍රාදේශීය සභා පණතේ සඳහන් වන පරිදි ප්‍රධාන වශයෙන්ම මහජන සෞඛ්‍ය, පොදු මංමාවත් හා මහජන උපයෝගිතා සේවා පවත්වාගෙන යාම මගින් බල ප්‍රදේශයේ ජනතා‍වගේ සුඛ විවරණය, සුභසාධනය, පහසුව හා සියලු පහසුකම් ආරක්ෂා කිරීමට අප ඇප කැප වී සිටින බව ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන්නෙමු.

ඊ.එම්.කේ.එන්. ලක්මාලි
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම් හා
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ බලතල කාර්ය කර්තව්‍ය
ක්‍රියාත්මක කිරිමේ නිලධාරි,
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව.

රයිගම්පුර අභිමානය

Designed using Unos. Powered by WordPress.